ක්‍රීඩා පුවත්

හතුරුසිංහ ආයෙත් හිටපු තැනට යන්න කැමති වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර නැවතත් භාර ගැනීමට තමන් සූදානම් බව බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු තනතුර දැරූ චන්දික හතුරුසිංහ මහතා පවසා ඇත.

ඒ අනුව 2014 වසරේ සිට 2017 වසර දක්වා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දැරූ හතුරුසිංහ මහතා ඉන් අනතුරුව 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2019 වසරේ ජූලි මාසය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර හෙබවීය.

AV Rase

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු තනතුර නැවත භාර ගන්නේදැයි කළ විමසීමකදී හතුරුසිංහ මහතා විසින් එසේ පවසා තිබිණි.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් තමන්ගේ හදවතේ සෑමවිටම සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවත්, බංග්ලාදේශ ක්‍රිකට් පිටියේ ප්‍රගතිය සම්බන්ධයෙන් තමා සෑමවිටම විමසිලිමත්ව සිටින බවද ප්‍රකාශ කර තිබේ.

“මම බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට කිසිම අවස්ථාවක බංග්ලාදේශ ක්‍රීඩකයන් හෝ බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හේතු වූයේ නැහැ. එය මගේ පෞද්ගලික තීරණයක්” යනුවෙන්ද හතුරුසිංහ මහතා සඳහන් කර ඇත.

මේ වනවිට නිව්සවුත් වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු තනතුර හොබවන හතුරුසිංහ මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැන්නකි. “බංග්ලාදේශ ජනතාව ක්‍රිකට් කණ්ඩායම තුළ මට ස්ථානයක් නැහැ කියලා කවදාවත් කියන්න එපා. ඔවුන්ගේ ප්‍රගතිය පිළිබඳව මම දැඩි අවධානයකින් සිටිනවා” යනුවෙනි.

විචිත්‍ර වීරසිංහ – මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button