දේශීය පුවත්
සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරයි

කොවිඩ්- 19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් නිවේදනය මෙම සතිය ඇතුලත දී නිකුත් කිරීමට නියමිතව ඇත.
ගැසට් නිවේදනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට සකස්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කළේය.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ය.
මාර්ගෝපදේශය ඇතුළත් යෝජනාවලිය මින් පෙරද නීතිපතිවරයා හමුවට ඉදිරිපත් කළ ද , එම මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රමාද වීම හේතුවෙන් ගැටළු රැසක් මතුව ඇති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශව කිහිපයක් විසින් පෙන්වා දෙනු ලැබිය.
අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකළහොත් මැතිවරණය පැවැත්වීම ඉතා අපහසු කටයුක්තක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.