දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහතිකය ලැබෙනතෙක් ගුවන්තොටුපළ විවෘත කරන්න බැහැ

කොවිඩ්-19 වසංගතය පාලනය කළ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 100%ක සහතිකයක් ලැබෙනතුරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයින්ට විවෘත කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (16) පැවසීය.

රජය මේවන විට කොවිඩ්-19 වසංගතය පාලනය කර තිබුණ ද ජනතාවට කිසිදු අවදානමක් ගැනීමට ඉඩ දිය නොහැකි බවයි.

AV Rase

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කමිටු සංවර්ධන රැස්වීමෙන් අනතුරැව මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

”කැබිනට් මණ්ඩලයට අපි ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබද නිර්දේශ ඉදිරිපත් කළා. මත්තලත්, කටුනායකත් ඒ අනුව විවෘත කරන්න අපි ලෑස්තියි. ඒ නිර්දේශ සදහා සෞඛ්‍ය අංශ අනුමැතිය අපි බලාපොරොත්තු වෙනවා යැයි” ද ඇමතිවරයා කීවේය

කෙසේ වෙතත් ගුවන්තොටුපළ විවෘත කිරීම සදහා සියල්ල සුදානම් බවත් සෞඛ්‍ය අංශ නිර්දේශ ඊට අත්‍යවශ්‍යය බවත් ඇමතිවරයා දැඩි ලෙස අවධාරණය කළේය.

“අපිට රට තුළ සිටින ජනතාව අනතුරේ දාන්න බෑ. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොගෙන්වා ඉන්නත් බෑ. අපි මේ සියල්ල මනා පාලනයකින් යුතුවයි කරගෙන යන්නේ. කිසිම හේතුවක් නිසා කොවිඩ් 19 වසංගතයට රටට ඇතුළුවීමට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපිට මේ සියල්ල දැඩි ලෙස පාලනය කරන්න සිදු ව තිබෙනවා”යැයි ද ඇමතිවරයා මෙහි දී කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button