තරු හුට පට

සියලු දේ අත් හැරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වුන නෙලූ අධිකාරි

හදවත ආමන්ත්‍රණය කරන සොඳුරු ගීත ගායනා කරන මෙරට රසික හදවත් තුළ ආදරේ දිනා ගතය දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පිනියක් වශයෙන් නෙලූ අධිකාරි මහත්මිය හඳුන්වන්නට පුළුවන්.

සංගීත පරපුරකින්  පැවත එන ඇයට එම කලාව උපතින්ම පිහිටා තිබෙනවා. ඒකි සුමිහිරි කටහඬක් ගීත විලාසයත් නිසා රසික සිත් ගීත ශ්‍රවණයෙන් වෙනම ලෝකයක් වෙත ගෙන ගෙනයාමට ඇයගේ  එම කටහඬ සමත් වෙනවා.

ඇයගේ කට හඬින් වර්ණවත් වූ සොඳුරු ගීත ගණනාවක් එදා මෙන්ම අදටත්  ඉතාමත් ආසාවෙන් ශ්‍රවණය කරන  පිරිසක් දක්නට ලැබෙනවා.අද වන විට සංගීත ක්ෂේත්රය තුළ දිගු ගමනක් පැමිණ සිටින කලාකාරියක් වශයෙන්ම ඇය හඳුන්වන්නට පුළුවන්.

සුන්දර කටහඬක් වගේම සුන්දරත්වයෙන් පරිපූර්ණ ඇය ඉතාමත් චාම් විලාසිතාවලින් දැකගැනීමට හැකි වනවා. කාන්තාවකගේ සුන්දරත්වය පවත්වාගෙන යාම පිළිබඳ ඇය තමන්ගේ අදහස් පළ කර සිටියේ මේ ආකාරයටයි.

කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් ?

කාන්තාව කියන කෙනා ලස්සන වෙන්න ඕන. උපරිම විතරක් නෙවෙයි කාන්තාවකට පිරිසිදු පිළිවෙල කියන දේ තියෙන්න ඕන. ලස්සනට ඉන්න අනිවාර්යෙන්ම සතුටින් ඉන්නම ඕන . යනුවෙන් ඇය තමා අදහස් පළකර සිටියා.

නෙලූ අධිකාරි මහත්මිය පිළිබඳ බොහෝ දෙනා කතා වුන යම් කරුණක් තිබූ අතර එහිදී බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කරුණ වූයේ ඇයි තමන්ගේ ආගම වෙනස් කිරීම නිසයි.

ඔබ අදහන ආගම අතරිනවාද?

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ මම ආගම අතහැර කතෝලික ආගමට පැමිණෙනවා. ඊට හේතුව ලෙස ඇය වැඩිදුරටත් කියා සිටියේ දේව දාසයන් මට කලින් අනාවැකි කීවා මම කතෝලික ආගමට එනවා,

මම මගේ සියලු දේ දෙවියන් වහන්සේට කැප කරනවා  යන්නයි. වැඩිදුර අදහස් දක්වමින්  නිලු අධිකාරි මහත්මිය පවසා සිටියේ තමන් කුමන කාර්යය සිදු කරත් අද වන විට සේරම අතහැර දෙවියන් වහන්සේ වෙනුවෙන් තමන් කැපවී කටයුතු කරන බවයි.

 

Back to top button