
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රහසන රංගනයට නැවුම් බවක් එක්කල ප්‍රවීණ සිනමා හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (01) මොරටුවේදී සිදු කිරීමට නියමිතයි.
රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබමින් සිටියදීයි ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වුණේ පසුගිය 28 වනදායි.
ඊයේ (30) දිනයේ ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ අසහාය රංගන ශිල්පියාට අවසන් ගෞරව දැක්වු අතර මොරටුමුල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පසුගිය දින කිහිපයේම කලාකරුවන් / දේශපාලනඥයින් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියා.
වර්ෂ 1986 දී සිනමාවට පිවිසෙන ටෙනිසන් කුරේ මහතා ඉතාම කෙටි කාලයක් තුළදී විකට නළුවෙකු ලෙස සිය ප්‍රතිභා පූර්ණ රංග කෞෂල්‍ය විදහා පාමින් සුවහසක් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වුණා.