දේශීය පුවත්

සිංහරාජ වනාන්තරය අසල මාර්ග සංවර්ධන කටයුතු ජනපති නියෝගයෙන් තාවකාලිකව නැවතේ

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය අසල සිදුවන මාර්ග සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

වනාන්තරය අසල සංවර්ධන කටයුතු තාවකාලිකව නවතාලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇත.

AV Rase

ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරය මැදින් මාර්ගයක් ඉදිකරමින් පවතින්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් භාර දීමත් සමග මෙම තීරණය ගනු ලැබීය.

වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු පරිසර අධ්‍යනයකින් තොරව හා ක්‍රමවේදයකින් තොරව සිදුකරන මෙයා ක්‍රියාවලිය සිදු කරන බවය.

මෙමගින් නෙළුව හා දෙනියාය යාකරමින් අඩි 20-12ත් අතර පළලින් යුතු මාර්ගයක් ඉදි කරමින් සිටින බවත් ඒ නිසා පරිසරයට දැඩි හානි සිදු වීමේ අවදානමක් ඇතැයිද සංවිධානය කියා සිටියේය.

මෙම මාර්ගය ඉදි කිරීමට කිසිදු අවසරයක් ලබාගෙන නැති බවත් ව්‍යාපෘති වාර්තාවක් හෝ නැති බවද එම සංවිධානය පැවසීය.

දුෂ්කර මාර්ග දියුණු කිරීමට මාර්ගයක් අවශ්‍ය නමුත් නිසි පරිසර අධ්‍යනයකින් පසුව ක්‍රමවේදයක් අනුව එවැන්නක් සිදුවිය යුතු බවත් සංවිධානය පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button