දේශීය පුවත්

සැමියා කොරෝනා රෝගියකු මියයෑම පිළිබඳ ප්‍රවෘත්තිය බලන්න ඉඩ නුදුන් නිසා බිරිඳ සියදිවි නසාගනී.

තමාගේ නිවෙස ආසන්නයේ කොරෝනා රෝගියකු මියයෑම පිළිබඳව තොරතුරු රූපවාහිනි නාළිකාවක විකාශනය වූ ප්‍රවෘත්ති වැඩසටහනක් නැරැඹීමට එපා කියා සැමියා විසින් රූපවාහිනිය වසා දමා රිමෝට් එක පොළවේ ගසා විනාශ කිරීම හේතුවෙන් දෙදෙනා අතර වූ දැඩි බහින් බස්වීමකින් තිදරු මවක් කනේරු ඇට කා සියදිවි නසාගෙන ඇත.

 

AV Rase

ඉකුත් 31දා රාත්‍රියේ බහින් බස්වීම සිදුවූ අතර කෝපයට පත් බිරිය අවට කැලෑ පෙදෙසකට ගොස් කනේරු ඇට රාශියක් ගිල දැමීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී පෙරේදා (4දා) අලුයම මියගොස් ඇත.

 

කටුනායක, කුරණ, ශ්‍රමදාන මාවතේ පදිංචි 37 හැවිරිදි තිදරු මවක් වන ජයසුන්දර මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි කුමාරි මහත්මිය මෙලෙස සියදිවි නසාගෙන ඇත.

 

බහින්බස්වීමේදී සිය පුරුෂයාට බිරිය පවසා සිටියේ උඹ දැනගනින් මම මැරෙන්නේ කොවිඩ් රෝගියකු පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඉඩ දුන්නේ නැති නිසයි. ඒ නිසා කනේරු ඇට කා වමනය දැමීමෙන් පසු ජාතික රෝහලට ඇය ඇතුළත් කළ බව අනාවරණය විය.

 

කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි දම්මි ලුවිස් හේවා මහත්මිය මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලදී.

 

මරණකාරියගේ සැමියා වන කලුඅප්පුගේ ප්‍රසංග සෙල්ලහේවා (42) සාක්කි දුන්නේය.

 

අදාළ වෛද්‍ය වාර්තාව හා සාක්‍ෂි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා මියගිය අයගේ මරණය කනේරු ඇට රාශියක් අනුභව කිරීම නිසා ශරීරයේ බඩවැල තැම්බීම, පෙණහලු අක්‍රියවීම සහ ශරීරයේ (රුධිරය) වතුර වීම, හෘදය අක්‍රියවීම නිසා වූ මරණයක් බවට නිගමනය කළේය.

 

සිදූව පොලිසියේ පොලිස් සැරයන් කේ.එස්. ජානක මහතා (1923) සාක්‍ෂි මෙහෙයවන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button