සැකකටයුතු කන්ටේනර් 04ක් රේගුවේදී විවෘත නොකර ව්‍යාපාරිකයෙකුගේ නිවසට ගෙන යෑමේ සුදානමක්

මෙරටට ආ සැකකටයුතු කන්ටේනර් හතරක් සහ ඒවා ගෙන්වූ ව්‍යාපාරිකයාට අයත් ස්ථානයකට ගෙන ගොස් පරීක්ෂා කිරීමට රේගු බලධාරීන් ගෙන ඇති තීරණයට එරෙහිව රේගු විමර්ශන නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඇත.
වාහන අමතර කොටස් බව පවසමින් ආනයනය කර ඇති මෙම කන්ටේනර් හතර ඇතුළේ එකක් රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා සුඛෝපභෝගී වාහන 12 ක් ඇති බවට සැක කරන බවද රේගු විමර්ශන නිලධාරී ඩබ්ලිව්. එම්. ආර්. පී. විජේකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් කියා සිටී.
අදාළ කන්ටේනර් හතර මේවන විට රේගුව භාරයේ රඳවා තබාගෙන ඇත. ගෙන්වූ ව්‍යාපාරිකයාගේ ඉල්ලීම මත මෙම කන්ටේනර් හතර ඔහුට අයත් මිනුවන්ගොඩ පිහිටි ඉඩමකට ගෙන ගොස් පරීක්ෂා කිරීමට රේගු බලධාරීන් ගෙන ඇති තීරණය නීති විරෝධී බව පෙත්සම්කාර විමර්ශන නිලධාරියා ප්‍රකාශ කරයි.
එම නිසා මෙම කන්ටේනර් රේගු පරිශ්‍රය තූළ බාධාවකින් තොරව පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා ඇති විමර්ශන නිලධාරියා රේගුවේ පරීක්ෂාවකින් තොරව කන්ටේනර් නිදහස් කිරීම වළක්වන ලෙසද ඉල්ලීමක් කර ඇත.
අරුණ පුවත්පත