දේශීය පුවත්

සමාජ ජාල දැන්වීම් පලකර මුදල් වංචා කරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් ගැන පොලීසිය පරීක්ෂණ ආරම්භ කරයි

සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් දැන්වීම් පලකර මුදල් වංචා කරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශණ අංශය වෙත මේ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැඛෙමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ.

තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට සමාජ ජාල භාවිත කරමින් දැන්වීම් පලකර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් මීට උදාහරණ ලෙස පොලිසිය පෙන්වා දෙනවා.

එම සංවිධානාත්මක කණ්ඩායම පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙස බැංකොක් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෝටර් රථ දිනුම් ඇදීමක් ලැබී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පණිවිඩයක් ලබා දී විවිධ බැංකු ගිණුම් වෙත මුදල් බැරකරවා ගැනීමේ වංචාවක් පිළිබඳවද පොලිසිය වෙත පැමිණිලි ලැබී තිඛෙනවා.

ෆේස්බුක් මිතුරු ඇරයුම් හරහා සම්බන්ධ වූ නාඳුනන තැනැත්තන් විසින් එවනු ලබන ත්‍යාග පාර්සල් ලබා ගැනීම / ඒවා නිෂ්කාශණය කිරීම / රේගුවෙන් භාණ්ඩ හා පාර්සල් නිදහස් කර ගැනීම සඳහා බව පවසමින් බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීමද පොලිසිය වෙත වාර්තා වී ඇති තවත් වංචාවක්.

ෆේස්බුක් ඔස්සේ ඉදිරිපත් කරන විවාහ යෝජනාවලට රැවටී මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ද මේ වනවිට පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

එබැවින් සංවිධානාත්මක කන්ඩායම් විසින් සිදුකරන විවිධ ආකාරයේ ජාවාරම්වලට හසුවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button