දේශීය පුවත්

සමාජයට අවධානමක් නොමැති කොරෝනා ආසාදිතයින් දින 14කින් පසුව නිවසට

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගන්නා රෝගීන්ගෙන් වෛරසය සමාජයට බෝවීමේ අවධානමක් නොමැති පුද්ගලයින් දින 14ක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු සිය නිවෙස් වෙත පිටත්කර යැවීමට තීරණයක් ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටිනවා.

මීට පෙර සිදුවූයේ දින 14ක් ගතවීමෙන් පසුවද එම රෝගීන්ගෙන් දිගින් දිගටම පී සී ආර් පරීක්ෂණ සිදු කරමින් කොරෝනා වෛරසය ශරීරයේ නොමැති බවට අවසන් පරීක්ෂණ වාර්තා දෙකෙන් තහවුරු වන තෙක් ඔවුන් රෝහල්ගතව තැබීමයි. මෙම ක‍්‍රමවේදය තුළින් එවැනි පුද්ගලයින්ට අනවශ්‍ය ලෙස රෝහල්ගතව සිටීමට සිදු වීම වැළැක්වීම මෙහි අරමුණ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ඒ අනුව කොරෝනා ආසාදිත බවට තහවුරු වී දින 14ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු යළිත් පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව සිය නිවෙස් වෙත පිටත්කර හරිනු ඇති. මෙලෙස පිටත්කර හරිනු ලබන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් පමණයි. ඔවුන් නිවසට පැමිණීමෙන් පසුව දින 14ක් නිරෝධායනයට ලක් වීමද අනිවාර්ය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.

Back to top button