දේශීය පුවත්

සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ඉන්ද්‍රා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ “සමයං” ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් “ඉන්ද්‍රා” නමැති සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

නවගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් පැන යාමට උත්සහ කළ අවස්ථාවේදී පොලිසිය ඔහුට වෙඩි තබා ඇත.

පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දා හෙරොයින් ග්‍රෑම් 10 ක් ද සමග නවගමුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ආයුධ පෙන්වීම සදහා රැගෙන ගොස් පැමිනීමේදීයි මෙලෙස පොලිස් අත්අඩංගුවෙන් පැන යාමට උත්සහ දරා ඇත්තේ.

පොලිස් ජීප් රථයේ රියදුරුට අවහිර කර ජීප් රථය කැළණි ගඟට පෙරලීමට උත්සාහ කර ඇති බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවේ පොලිසිය එල්ල කල වෙඩි පහරකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button