සමන්තභද්‍ර හිමි අහසින් වඩිමින් කොරෝනා නැතිවෙන්න රට පුරා පිරිත් පැන් ඉසිති.

මෙරටට බලපා ඇති කොරා්නා වසංගතය දුරුවේවායි ඇයි ප්‍රාර්ථනා කරමින් සිරි සදහම් ආශ්‍රමය විසින් රට පුරා ගුවනින් පිරිත් පැන් ඉසීමේ කර්තව්‍යයක් සිදු කර තිබේ.
එම විහාරාධිපති සිරි සමන්තභද්‍ර හිමියන් විසින් පෞද්ගලික හෙලිකොප්ටර යානාවක නැගී මෙම කටයුත්ත සිදු කර ඇත.

ඒ සම්බන්ධයෙන් සිරි සදහම් ආශ්‍රමය විසින් සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
අධ්‍යාත්මීය සත්‍යක්‍රියාවේ මහා පෙළහැර
ශ්‍රී ලංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට සිව්කොණ හා රට හරි මැදට, ධර්මය ප්රත්යක්ෂ කළ, ධර්මයේ සදහන් පරිදිම “අට්ට පුරිස පුග්ගලා” මග ඵල ලාභී සහ මග ඵල ලබන මාර්ගයට පිළිපන්න අට මහා පිරිසෙන් සමන්විත සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ ප්රමුඛ උමන්දාවාසි මහා සංඝයා වහන්සේ විසින්, මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව පෙරයම, මැදියම හා අළුයම යන තුන් යාමය මුළුල්ලේ පිරිත් කළ පිරිත් පැන්, වා තලය හරහා හෙළ ධරණි තලය සිපගැනීමේ ඒ අසිරිමත් කර්තව්‍යය මෙසේ සනිටුහන් කළ වගයි…
රටේ පවතින වත්මන් වසන්ගතකාරී තත්වය තුළ සංචරණ සීමා, නිරෝධායන ඇදිරිනීති තත්වයන් තුළ පිංකම් ආදිය සිදු කිරීම පහසු කටයුක්තක් නොවන බව සැවොම දන්නා කාරණයකි. එයිනුත් මහා පුණ්‍ය කටයුත්තක් සිදු කොට එහි අවසාන පියවර ගුවනේ සිට සිදු කිරීම කොතරම් අසීරු වනවාද යන්න ඔබට සිතා ගත හැක. ඔබ පුදුමයට පත් වන්නේ මෙම අසීරු කාර්යය දින දෙකක් ඇතුලත සිදු කළ බව ඇසූ විටය. සැබවින්ම එය සත්‍යකි. දින දෙකක් ඇතුළත රත්මලාන ගුවන් තොටුපලේ සිට පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් උමංදාව වෙත පැමිණ පිරිත් පැන් අතැතිව සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ ඇතුළු පිරිස ප්‍රථමයෙන් ලංකාවේ මධ්‍ය ලක්ෂය වන මාතලේ නාලන්දා ගෙඩිගේ වෙතත් ඉන් අනතුරුව ලංකාවේ උතුරින් පේදුරුතුඩුව වෙතත්, දකුණින් දෙව්න්දර තුඩුව වෙතත්, නැගෙනහිරින් සංගමන්කන්ද තුඩුව වෙතත්, බටහිරින් තලෙයිමන්නාරම වෙතටත් ගමන් ඇරඹීමට සියලු කටයුතු සුදානම් විය. එක් වරුවකින් ඉතා අලංකාර ලෙස ඉදිකළ පිරිත් මණ්ඩපය ද පුදුම විය යුතු කාරණයකි.
එසේ දින දෙකක් තුළ සියලු කටයුතු සුදානම් කිරීම උමංදාව මහා විහාරයේ සිව්වනක් පිරිස ගැන හා සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ ගැන දන්නා අයට නම් එය පුදුම වියයුතු කාරණයක් නොවේ. මන්දයත් අත්හැර දමා තිබූ වල් වැදුණු භූමියක් වසර හතරක් ඇතුලත ඉතා මනස්කාන්ත සුරම්‍ය භූමියක් බවට පත්ව ඇත්තේ ද උක්ත දෙපිරිස නිසාවෙනි. මේ කටයුත්ත සදහා උර දෙමින් චමින්ද සිරිසේන, අජිත් ද සොයිසා සහ මලික් දයාශාන් යන මහත්වරුන් ඇතුලු පිරිස උන්වහන්සේ පිටුපස විය. කවදත් උමංදාව පිළිබඳව මෙවැනි ඇස් අදහා ගත නොහැකි දෑ සමාජ ගත කළ හරේන්ද්‍ර ජයලාල් මහතාද මෙම අසිරිමත් පුණ්‍ය කටයුත්ත පුරාවට උන්වහන්සේ සමග විය.
මෙලෙස පූර්ව කටයුතු සුදානම්ව තුන්යම මුළුල්ලේම සොළසයක් වූ උමංදාව මහා සංඝයා වහන්සේලා රතන සූත්‍ර දේශනය පවත්වන ලදී. පසු දා පහන්ව උමන්දාවෙන් නික්මුණු හෙලිකොප්ටර් යානය ලක්දිව මධ්‍ය ලක්ෂය හා සිව්කොන වෙත ගමන් අරඹා ගුවනේ සිට සිරි සමන්තභද්‍ර මහා මුනිවරයාණන් වහන්සේ විසින් පිරිත් පැන් ඉසින ලදී. මෙය සම්ප්‍රදායික පිරිත් දේශයක් නොවන අතර මග ඵල ලැබූ උතුමන් විසින් සිදු කරන ලද සමාජ මෙහෙවරකි.
රතන සූත්‍රයේ සදහන් පරිදි ගැටළු හමුවේ නොසැලී සිටීමේ චිත්ත ශක්තිය අවධි කරලීමෙන් පවතින වසංගත තත්වය දුරුව රටට සෞභාග්‍ය උදා වේ යන අදිටන පෙරදැරිව ඔබ සැම පිං අනුමෝදම් විය යුතුය.
– Siri Sadaham Ashramaya
You really make it seem so easy with your presentation but I find
this topic to be actually something that I think I would never understand.
It seems too complex and extremely broad for
me. I’m looking forward for your next post, I’ll try to get
the hang of it!
excellent points altogether, you just won a new reader.
What may you suggest about your submit that you simply made
some days ago? Any sure?
you’re truly a just right webmaster. The website loading pace is incredible. It seems that you are doing any distinctive trick. Moreover, The contents are masterwork. you have performed a great job on this matter!|