දේශපාලන පුවත්

සජිත් එක්ක හිටපු සුජීවට දේශපාලනය එපා වෙයි

Former Sujeewa with Sajith gets fed up with politics

හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වසර 16කට අධික කාලයක් දේශපාලනයේ නිරත වෙමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද ඔහු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙමින් දෙවන ස්ථානයට පත් වි තිබේ.

AV Rase

සමඟි ජන බලවේගය පිහිටුවිමට නායකත්වය ගත්තේද සුජිව සේනසිංහ මහතාය.

පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාවේ සභාපතිවරයා ලෙසත් ,රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇති අතර නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය ලෙස හා රාජ්‍ය විදේශ වෙළෙඳ අමාත්‍ය හා විද්‍යා තාක්ෂණ අමාත්‍ය ලෙස තනතුරු හොඹවමින් ඔහු ක්‍රියා කොට තිබේ.

නමුත් පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදි ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබිම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු අසුන අහිමිවු අතර එ නිසාවෙන් ඉදිරියේදි දේශපාලනයෙන් ඉවත්ව ස්වාධිනව කටයුතු කිරිමට බලාපොරෝත්තු වන බව ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button