දේශපාලන පුවත්දේශීය පුවත්

සජිත් ඇතුළු 102 ක් එජාපයෙන් නෙරපෙන්න ළඟයි

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙයි.
පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට ඇතුළත්ය.

“පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි” යන්න මාතෘකා කරගනිමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර  එමගින්  පෙන්වා දී ඇත්තේ එලෙස කටයුතු කර ඇති සාමාජිකයින්ගෙන් මේ වන විටත් නිදහසට කරුණු විමසා ඇති බවත්, ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර ඒ පිළිබඳව කටයුතු කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button