දේශීය පුවත්

සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් ශ්‍රී ලංකාව ට දෙවැනි ස්ථානය

2020 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් දෙවැනි ස්ථානය ට ශ්‍රී ලංකාව තෝරාගැනීමට “Conde Nast Traveler” නම් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන සඟරාවේ පාඨකයන් කටයුතු කර තිබේ.

එම සඟරාව, එක්සත් ජනපදය මුලස්ථානය කරගත් Advance Publication නම් ආයතනයේ ප්‍රකාශනයකි.

AV Rase

ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කර ඇති එම සඟරාවේ “Reader’s Choice Awards” නම් පාඨක ඡන්දයයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 93.96ක් හිමිවී ඇති අතර ප්‍රථම ස්ථානය ට තේරුණු ඉතාලිය ලකුණු 94.05ක් ලබාගෙන තිබේ.

මෙරට සංස්කෘතිය, තේ වතු සහ ප්‍රියකරු මුහුදු වෙරළ එම සඟරාව විශේෂයෙන් ඉස්මතු කර තිබේ.

පෘතුගාලය, ජපානය, ග්‍රීසිය, තායිලන්තය සහ දකුණු අප්‍රිකාව පාඨක කැමැත්ත අනුව පිළිවෙලින් අනෙකුත් ස්ථාන හිමිකරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button