ෂාරුක්, ප්‍රීති, අභිෂේක් ඇතුළු ඉන්දීය තරු රැසක් LPL කණ්ඩායම් මිලදී ගැනීමේ සුදානමක්?

නොවැම්බර් මස ඇරඹෙන Lanka Premier League (LPL 2020) පන්දුවාර 20 ක්‍රිකට් ප්‍රීමියර් ලීගයේ කණ්ඩායම් පහෙන් ඉතිරි වී ඇති කණ්ඩායම් හතර මිලදී ගැනීම සඳහා ප්‍රබල ඉන්දීය තරු රැසකට මේ වන විට ආරාධනා කර ඇති අතර ඔවුන්ගෙන් මේ පිළිබඳ යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද වාර්තා වේ.
එම ඉන්දීය තරු අතරට IPL හි Kolkata Knight Riders සහ CPL හි Tringabo Knight Riders යන කණ්ඩායම් හිමි සුපිරි බොලිවුඩ් නළු ‘ෂාරුක් ඛාන්’,IPL හි Kings XI Punjab කණ්ඩායමේ සම අයිතිකරුවන් වන සුපිරි බොලිවුඩ් නිළි ‘ප්‍රීති සින්ටා’, ‘Ness Wadia’, ‘Mohit Burman, IPL හි Rajastan Royals කණ්ඩායමේ කොටස් මිලදී ගැනීමට උත්සාහ කළ සුපිරි බොලිවුඩ් නළු ‘Abishek Bachchan’ සහ
UTV India මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සුප්‍රකට ඉන්දීය ව්‍යාපාරික ‘Ronnie Screwvala’ යන අය සිටී.

මේ වන විට LPL හි කණ්ඩායම් 5 න් ගාල්ල කණ්ඩායම පාකිස්තාන ව්‍යාපාරික, PSL හි Quetta Gladiators කණ්ඩායම් හිමිකරු Nazeem Omar විසින් මිලදී ගෙන ඇති අතර පාකිස්තානු සුපිරි ක්‍රීඩක Shahid Afridi ගේ නායකත්වයෙන් ‘Galle Gladiators’ යන නමින් එම කණ්ඩායම LPL සඳහා තරග වදී.