ක්රීඩා පුවත්
ශෙහාන් මදුශංඛ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හෙරොයින් ග්රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්රමාණයක් සන්තකයේ තබාගත් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය වැඩබලන මහේස්ත්රාත්වරයා විසින් අද නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් වසරවල පන්දු යවන්නෙකු ලෙසින් ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුසංඛයි.ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ශෙහාන් මදුසංක සහභාගී වූ පළමු තරඟයේදීම කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමටද සමත් වුණා.