ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් දැමීමක් සිදු නොවේ
There will be no postponement of scholarship and A / L examinations

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් රට තුළ පවත්නා තත්වය හේතුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වන දිනයන්ගේ වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
ඒ අනුව 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 11දි න පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 සිට නොවැම්බර් මස 06 වන දා දක්වා පැවැත්වේ.
එහෙත් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු විභාග දෙපාර්තමේන්තු එක්දින සහ සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
ඒ පිළිබඳ ව යම් ගැටලුවක් වේ නම් 1911 ක්ෂණික අංකය ඔස්සේ තොරතුරු විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.