ගොසිප් පුවත්

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23ට කොරෝනා

චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් සඳහා අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එරට මාධ්‍ය වාර්තා කෙරේ.

මෙලෙස තාවකාලික ගුවන් සේවා තහනමක් පැනවීමට තීරණය කොට ඇත්තේ ආගොස්තූ 07 වෙනිදා චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට සෞඛ්‍ය බලධාරින් තහවුරු කිරිමත් සමගය.

මේ අතර අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් සඳහා ද තනම්කොට ඇත.

ඒ ඉකුත් අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඩුබායි සිට ෂැංහයි බලා ගමන් කළ යානයේ සිටි මගීන් මෙලෙස කොරෝනා ආසාදිතයින් බවට හෙළිවී ඇති බවය.

ඩුබායි සිට ෂැංහයි බලා යමින් තිබු ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මද වෙලාවක් නතර කොට තිබු බවත්, එම ගුවන් යානයේ කිසිවකුත් මෙරටට ඇතුල්වුයේ වත් මෙරට කිසිවෙකුත් එම යානයෙන් චීනය බලා නොගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button