දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ 13 වැනි කොරෝනා මරණයද වාර්තා වෙයි

ඩුබායි සිට මෙරටට පැමිණ ස්වසන රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුළත් කර සිටි රෝගීයා මිය ගොස් ඇත්තේ කොරෝනා වයිරසය වැළදීමෙන් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතා අද (14) පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩබ්ලිව්.ඊ.පෙරේරා (60) නැමැත්තෙකි.

AV Rase

මොහු ඩුබායි රැකියාවකට ගොස් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ පසුව 9 වන දින ස්වසන රෝගය වැළදී ඇතැයි කියමින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් පසුව ඔහු සම්බන්ධ‍යෙන් මුලික වෛද්‍ය පරික්ෂණයකින් පසු ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව හෙළි වුවත් රෝගියා හලාවත රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ රඳවා ප්‍රතිකාර ලබා දුන් බවත් ඒ අතර ද ඔහු සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයක දී ඔහුට කොරෝනා වැළදි නැති බව හෙළි වූ බවත් අධ්‍යක්ෂවරයා කීය.

පසුව මෙම රෝගිය අද (14) අලුයම මිය ගිය අතර ඔහු සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පරික්ෂණ ඒකකය මගින් තුන්වන වරටත් සිදු කළ පරික්ෂණයක දී මොහු කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනා ගෙන ඇති බවට එම ඒකකය විසින් වෛද්‍ය වාර්තාවක් ඒවා තිබු බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කීය .

ඒ අනුව මිය ගිය අයගේ සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු කොරෝනා ආසාදිතයින්ගේ දේහයන් සම්බන්ධයෙන් සිදු කරන ලෙස සිදු කිරිමට පියවර ගනු ඇති බවත් කිය .

මේ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මෙරට මියගිය සංඛ්‍යාව 13 ක් ලෙස ඉහළ යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button