ශ්‍රී ලංකාවේ යළි කොරෝනා අවධානමක් – වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීරගෙන් රතු එළියක්

ලෝකය පුරා කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
“ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වගේ ඉතාමත් හොඳින් කොවිඩ් පාලනය කළ රටවල පවා නැවත වතාවක් කොවිඩ්-19 රෝගය වාර්තා වීම නිසා ඔවුන්ගේ ප්‍රදේශවල සංචරණය සීමා කරලා, ගමන් බිමන් සීමා කරලා, ඇඳිරි නීතිය පැනවීමට දක්වා ගමන් කරන්න ඔවුන්ට සිද්ධවෙලා තියෙනවා.“ යැයි වෛද්‍යවරයා පැවසීය.

“ඒ වාගේම අමෙරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාව වැනි රටවල්වල රෝගීන් ඉතාම විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉන්දියාව තුළ මේ රෝගය ව්‍යාප්තිය ඉතාමත් වැඩියි.
මේ තත්ත්වය යටතේ ලංකාව කුඩා දූපතක් වුණත්, අපේ රට ආරක්ෂිත නැහැ. මේ ලෝකය පුරාම කොවිඩ්-19 රෝගය ව්‍යාප්තවීමත් සමග අපි තවදුරටත් අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.
එසේ නැති වුණහොත් වෙන්නේ නැවත වරක් පසුගිය මාස කිහිපයකට පෙර සිටියා ආකාරයට සංචරණ සීමා කරලා. රෝහල් වසා දමා කොවිඩ් රෝහල් බවට පත්කරලා.
අපිට අපහසුතාවයට පත්වන්නය සිදුවෙනවා.“ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු මේ බව පැවසූවේ රූපවාහිණී නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.