ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාධිතයන් ගණන ඊයේ වාර්තා වෙයි

මෙරට තුළ එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ (10) දිනයේ දී වාර්තා වුණා.
ඒ අනුව නව ආසාධිතයන් 300ක් ලෙසයි.
ඉන් 283 දෙනෙක්ම කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ රෝගීන් වනවා.
ඊට අමතරව තවත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.
මෙම ආසාධිත රෝගියා මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ තහවුරු වූ ආසාධිතයා සමීපව ඇසුරු කළ අයෙක් බවයි වාර්තා වන්නේ.
තවත් රෝගීන් තිදෙනෙක් කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හමු වී ඇති අතර අනෙක් රෝගීන් 13 දෙනා විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වනවා.
ඒ අතුරින් 09 දෙනෙක් ඉන්දියාවේ සිටද, තවත් තිදෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද අනෙක් ආසාධිතයා පකිස්ථානයෙන් පැමිණි අය බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මේ වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව ආසාධිතයින් 340ක්ට වෛරසය වැළඳී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.
ඊයේ දිනයේ දී හමුවූ නව ආසාධිත පිරිසත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන 2454ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 463 දෙනෙක් තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් පසු වනවා.
වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 1980 ක් ලෙසයි වාර්තා වන්නේ.