දේශීය පුවත්
ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයද වාර්තා වෙයි

කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරස් ආසාදිත ශ්‍රි ලාංකික කාන්තාවක් අද (23) ජීවතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ යනු ලැබේ.
කොරෝනා වෛරසය ආසාධිතව සිටි මෙම කාන්තාවගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේය.
ඇය පිළිකා රෝගයකින් සහ හෘද රෝගයකින් පෙලෙනු තැනැත්තියක් ලෙසද මේ වන විට වාර්තා වේ.
මියගිය රෝගියාගේ වයස අවුරුදු 47ක් වන අතර ඇය පසුගිය 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.