දේශපාලන පුවත්

ශ්‍රී ලංකාවට තර්ජන එල්ලවී තිබෙන බවට ප්‍රචාර සාවද්‍යයි – ආරක්ෂක ලේකම්

අන්තවාදී තර්ජන එල්ලවී ඇති බවට සඳහන් කරමින් මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

” සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන ප්‍රවෘත්තියන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බව” ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටියා.

AV Rase

කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලිස් සහාය ලබා ගැනීම තුලින් රටේ ජාතික ආරක්ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් රටේ සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්ෂාවට ඇති තර්ජන බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බවද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් යලිත් අවධාරණය කර සිටියා.

ජාතික ආරක්ෂාවද පවත්වා ගනිමින් කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් යම් සංඛ්‍යාවක් යොදවා ඇති බව ඔහු පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button