දේශපාලන පුවත්
ශ්‍රීලනිපයට දැන් අත්ව ඇති ඉරණම ගැන හිටපු ජනපතිනිය කණගාටු වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට විනාශය කරා ගමන් කර ඇති බැවින් පක්ෂයට නව තරුණ නායකත්ව පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් තමන්ද උපරිම දායකත්වය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසයි.
නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ඉරණම පිළිබඳ තමන් දැඩි කනගාටුවට පත්ව සිටින බව හිටපු ජනාධිපතිනිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.