දේශීය පුවත්
වොයිස්කට් හිමිවරුන්ගේ විරෝධය නොතකා, අලි සබ්රිට අධිකරණ අමාත්‍යංශය දීම හොද වැඩක්

ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා, අධිකරණ අමාත්‍ය ධූරයට පත් කිරීම සම්බන්ධයෙන්, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.
ඒ නමුත් අනෙකුත් අමාත්‍යවරු සම්බන්ධයෙන් තමන්ට එතරම් උනන්දුවක් නැති බව පවසා ඇති මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා ඇති විෂයයන් විහිළුසහගත බවද කියා සිටියි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ අදහස් පළ කර තිබේ.