වෙනම කමිටුවකින් විදුලි බිල් ගැටළුවට පිළිතුරු හොයන්න යයි

මාර්තු / අප්‍රේල් සහ මැයි මාස වල විදුලි බිල්පත් ගැටලු පිළිබඳ සොයා බලා ජනතාවට සහනයක් ලබා දීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිමට විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
කොවිඞ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එම මාසවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අතර විදුලි බිල්පත් ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවටයි පාරිභෝගිකයින් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ.
ඒ සම්බන්ධයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී දීර්ඝව සාකච්ඡා වී ඇති අතර පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී ඇති බවයි විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ.
අදාළ සහනය ලබාදිය යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම සිව් පුද්ගල කමිටුව පත් කර ඇති අතර එම වාර්තාව බොහෝ දුරට ලබන සඳුදා දිනයේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.