දේශපාලන පුවත්

වියත්මගේ 10ක් දියවන්නාවට

මහ මැතිවරණයට ඉදිරිපත් වූ ‘වියත්මඟ’ සංවිධානයේ අපේක්ෂකයින් 09 දෙනෙකු අතරින් 08 දෙනකු ජය ගෙන ඇති අතර ජාතික ලැයිස්තු හිමිවූ මන්ත්‍රීධුර 02ක් සමග ‘වියත්මඟ’ සංවිධානයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් 10 දෙනෙක් පත් වී ඇත.

එසේ දිස්ත්‍රීක් මට්ටමින් තරඟ කර ජයගෙන ඇති ‘වියත්මඟ’ නියෝජිතයින් මෙසේයි.

1- කොළඹ දිස්ත්‍රික්කයෙන් සරත් වීරසේකර

2- ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආචාර්ය නාලක ගොඩහේවා

3- මාතලේ දිස්ත්‍රීක්කයෙන් නාලක කෝට්ටෙගොඩ

4- අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආචාර්ය චන්න ජයසුමන

5- කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහාචාර්ය ගුණපාල රත්නසේකර

6- මහනුවර දිස්ත්‍රික්කයේ නීතිඥ උදයන කිරිදිගොඩ

7- හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය උපුල් ගලප්පත්ති

8- දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තිලක් රාජපක්ෂ

මිට අමතරව ජාතික ලැයිස්තුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් සහ සීතා අරඹේපොල යන නියෝජිතයින් දෙදෙනා ද පත්කර ඇත.

වියත්මඟ සංවිධානය ඉදිරිපත් වී පරාජයට පත්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ අනුර ප්‍රනාන්දු පමණි.

‘වියත්මඟ’ සංවිධානය 2019 ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සංවිධානයකි.

ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට නාමයෝජනා ලබා දීමේ දී ඔහු ‘වියත්මඟ’ සංවිධානයේ සාමාජිකයකු ලෙස හැඳින්වූ අතර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ නැත.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ‘වියත්මඟ’ සංවිධානයේ සාමාජිකයින් දෙදෙනා බැගින් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ප්‍රධානින් ප්‍රකාශ කර තිබුණත්, මහ මැතිවරණය ප්‍රකාශයට පත්කල පසුව දිස්ත්‍රික්ක මට්ටමෙන් නාමයෝජනා ලබාදී තිබුණේ 09 දෙනෙකුට පමණි.

උපුටා ගැනීම – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button