දේශීය පුවත්
විභාග රැසක් කල් දමන්න ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි

කොවිඩ්- 19 වෛරස තත්ත්වය හේතුවෙන් ජුලි සහ අගෝස්තු මාස තුළ දී පැවැත්වීමට නියමිතව තිබු විභාග කිහිපයක් කල් දැමීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කල් දමන ලද විභාගයන් සඳහා නැවත පැවැත්වනු ලබන දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙලෙස කල් තබා ඇති විභාග වන්නේ,
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරික්ෂනවරුන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2017(2020)
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වන පන්තියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019(2020)
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය – 2019(2020)
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය – 2019(2020) ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය – 2019(2020) ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය (නව/පැරණි) යන විභාග වේ.