විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් 20 ට සහය දෙන්න යන ලකුණු

20 වන ව්‍යවස්ථා සංශෝධනය අද ඡන්දය විමසන විට විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට සහාය දක්වනු ඇති බව රජයේ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර සිටියා.
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගේ සහාය රජයට අවශ්‍ය වේ. කථානායකවරයා නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එහි හවුල්කාර පක්ෂ වලට පාර්ලිමේන්තුවේ ආසන 149 ක් හිමිවේ.

රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමෙන් වැළකී සිටිය හැකි බවට වාර්තා වනවා.
20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි කිහිපයක් යවමින් දැඩි ලෙස විවේචනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කටයුතු කරනු ලැබුවා.
“අපගේ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු විශේෂයෙන් සුළුතර පක්ෂ නියෝජනය කරන අය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බවට වාර්තා වනවා.” සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර සිටියා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සඳහා වන ඡන්ද විමසීම අද සවස 7 න් පසු පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
Source : Newswire