විදෙස් පුවත්

විනාඩි 12න් කොවිඩ් රෝගීන් හඳුනාගත හැකි ක්‍රමයක්

විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළ දී කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි ක්‍රමවේදයක් එංගලන්තය හඳුන්වා දී තිබේ.

එහිදී නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය එම පරීක්ෂණය සඳහා යොදාගනී.

එංගලන්තයේ ප්‍රකට බූට්ස් සමාගම විසින් හඳුන්වා දී ඇති එම පරීක්ෂණය සඳහා පවුම් 120ක් වැයවේ.

විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට එම ක්‍රමවේදය යොදාගත හැකිබව වාර්තා වේ.

යුරෝපයේ සහ අමෙරිකාවේ මෙම පරීක්ෂණය සඳහා බලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබේ.

රෝගීන් 500 දෙනෙකු යොදාගෙන අත්හදාබැලීම් කර ඇති අතර එයින් ලද ප්‍රතිඵල 97% නිවැරදි බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button