දේශීය පුවත්

විදේශීය විශේෂඥයන් කණ්ඩායම අද ගිනිගත් නෞකාවට

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව පිළිබද විමර්ශණය සදහා පැමිණි විදේශීය විශේෂඥයන් කණ්ඩායම අද නෞකාව වෙත රැගෙන යාමට නියමිතයි.

නාවික හමුදා යාත්‍රාවක් මගින් ඔවුන් කල්මුණේ සිට පිටත්ව යනු ඇති.

AV Rase

මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ඊයේ පෙරවරුවේ දිවයිනට ළගාවුණා.

නෞකාව අයිති විදෙස් සමාගම විසින් මෙම පිරිස මෙරටට එවා ඇති බව සඳහන්.

දිවයිනට පැමිණි විශේෂඥ කණ්ඩායම ගිනිගත් නෞකාව රඳවා ඇති ස්ථානයට රැගෙන යාම ඊයේ දිනයේදී සිදුනොකෙරුණේ ද අයහපත් කාලගුණය නිසා බාධා මතුවීම හේතුවෙනුයි.

මෙම විශේෂඥ කණ්ඩායම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්යය මණ්ඩලය හමුවී ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිතයි.

නෞකාවේ ආපදා කළමණාකරන කටයුතු විමර්ශනය කර ඉදිරි කටයුතු සැළසුම් කළ යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය නිර්දේශ ද ඔවුන් විසින් ලබා දෙනු ඇති.

නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න ඊයේ (06) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කෙරුණා.

කෙසේවෙතත් නෞකාව සිසිලනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි නාවික හමුදාව කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button