ගොසිප් පුවත්

විදුලි කප්පාදුව ගැන සුභ පුවතක්

ඉදිරි සතියේ සිට විනාඩියක් හෝ විදුලිය කප්පාදු නොකිරීමට උපරිමව උත්සාහ කරන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ, අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

විදුලි බල මණ්ඩලය වෙත ඩිසල් සහ දැවි තෙල් ප්‍රමාණවත් තරම් ලබා දී, ජල විදුලිය සහ නොරොච්චෝලේ බලාගාර වලද සහය ඇතිව කළමණාකරනය කරගනිමින් විදුලි බලය අඛණ්ඩව ලබා දීමට කටයුතු සම්පාදනය කරන බවද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් ලබන සතියේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිසා දරුවාගේ පහසුව වෙනුවෙන් විදුලි කප්පාදුව සීමා කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා. (colombotimes.lk)

Viber

The post විදුලි කප්පාදුව ගැන සුභ පුවතක් appeared first on Colombo Times.

Back to top button