වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම අත්හිටුවයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග රැඳවියන් බැලීමට බාහිර පුද්ගලයන්ට තාවකාලිකව අවස්ථාව නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගැනීමත් සමග එහි රැඳවියන් හා බන්ධනාගාර නිළධාරීන් කොවිඩි පරීක්ෂණ වෙත යොමු කෙරුණා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කලේ මෙම රැදවියා කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය ජූනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැදවියෙකු බවයි.
මෙම හඳුනාගත් රෝගියා හා අනෙක් ආශ්‍රිතයන් සම්බන්ධයෙන්ද PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර අදාළ රැඳවියා පොළොන්නරු බන්ධනාගාරයේද රැඳී සිටි නිසා එම බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරින්ද සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබෙනවා.
ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුද වන නිසා දැනට එහි සිටින සියලු පුනුරුත්ථාපනය වන්නන් සහ නිලධාරීන් නිරෝධායනට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ.