දේශීය පුවත්
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
මෙම රැඳවියා කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට පසුගිය 27 වනදා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරුකර එවන ලද රැඳවියෙක් බවයි වාර්තා වන්නේ.
මෙම රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදුකරමින් පවතිනවා.
මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් බදුන්කරන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දෙන්නේ.