දේශීය පුවත්

වැලිකඩ තවත් රැඳවියන් පිරිසක් නිරෝධායනයට යොමු කරයි

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් ඇතුළු නිලධාරීන් 315 දෙනෙක්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී තිබෙනවා.

ඒ අනුව ඉන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළඳී නොමැති බවයි වාර්තා වන්නේ.

යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ මෙම PCR පරීක්ෂණ ඊයේ (08) සහ පසුගිය 07 වනදා සිදුකළ ඒවා බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්ට පසුගියදා 07 වනදා කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණය වූ අතර ඒ හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් ඇතුළු නිලධාරීන් පිරිස මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 238 දෙනෙකු ද නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.

ඔවුන් පිරිස කොරෝනා වෛරසය ආසාධනය වූ වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියා සමඟ සිටි අය බවයි ඔහු ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button