දේශීය පුවත්
වාලච්චේන ධීවර වරායෙනුත් කොරෝනා ආසාදිතයන් 11ක්

වාලච්චේන ධීවර වරායේ සේවය කරන පුද්ගලයන් 25දෙනක් PCR පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා.
එයින් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාලච්චේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් තහවුරු කළා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ආසාදිතයන් 11 දෙනා ඔවුන්ගේ නිවෙස් වල නිරෝධායනය වන අය බවත් ඔවුන් රෝහල් වෙත ගෙන යාමට යුධ හමුදාව යොමු කළ බවයි.