දේශීය පුවත්

ව්‍යවස්ථා සංශෝධන අධ්‍යයනයට නිදහස් පක්ෂයෙන් වෙනම කමිටුවක්

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධ කරුණු අධ්‍යයනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කමිටුවක් පත් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වේ.

AV Rase

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදියි මෙම කමිටුව පත් කර ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝදනය සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි කරුණුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය සහ යෝජනා ලබාදීම මෙම කමිටුවට පවරා තිබේ.

මේ අතර මහ මැතිවරණයේදී තරග කල නිදහස් පක්ෂ නියෝජිතයන්ට සහය නොදුන් පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමටද නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button