ගොසිප් පුවත්

ව්‍යවස්ථා සංශෝධනයේ දී සැලුන් දොර අරිනවාට ගම්මන්පිල කැමති වෙයි – මහිනදානන්ද අකමැති වෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමේ දී ඊට සහය දීමට සමගි ජන බල වේගයේ පිරිසක් ආණ්ඩුවට එක් කරගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පසුගියදා (10) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන ලදී.

ඒත් ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශකයෙකු වන උදය ගම්මන්පිල අමාත්‍යවරයා පසුගියදා (10) පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේ දී සඳහන් කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.

AV Rase

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත පළ කිරීමට විපක්ෂයේ අයෙක් සිටි නම් ඔහුට විපක්ෂයේ සිටම සිය කැමැත්ත පළ කළ හැකි බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

ඒ සඳහා ආණ්ඩුවට එක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button