දේශීය පුවත්

ව්‍යවස්ථා සංශෝධනයෙන් මෛත්‍රීට තනතුරක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ යම් තනතුරක් ලබාදීම පිළිබඳව එකඟතාවයක් පවතින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ද, මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

AV Rase

ඒ අනුව කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

කෙසේ වෙතත් එවැනි තනතුරක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button