දේශපාලන පුවත්
ව්‍යවස්ථාව ඒකාධිපති නම් මගේ ජන්දේ නෑ – චන්දිම වීරක්කොඩි 20ට එරෙහිව අවි අමෝරයි
If the constitution is dictatorial I will not vote - Chandima Weerakkody takes up arms against 20

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කිසිදු ආකාරයකින් ඒකාධිපති ගමනකට ඉඩක් නිර්මාණය කෙරෙන ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“කිසිම ආකාරයක ඒකාධිපති ගමනකට යන්නට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ඉඩ තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපි එකඟ වෙන්නේ නැත. බලාපොරොත්තු ඉටු කරවන රජයක් ජනාධිපතිවරයෙක් බිහිකරවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කැපවෙනවා” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.