දේශීය පුවත්

වසංගත පාලනයෙන් ලෝකයේ ප්‍රබල රටවල් පහළට ඇඳදමමින් ශ‍්‍රී ලංකාවට දෙවන තැනට පත්වෙයි

Epidemic control ranks Sri Lanka second only to world powers

වසංගත පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ බව අනාවරණ කර ඇත්තේ චීනයේ YICAI පර්යේෂණ ආයතනය විසින්.

එම ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වසංගත සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තු ගත කර තිබෙනවා. ඒ අනුව එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත්තේ චීනයයි. දෙවන ස්ථානයට ශ‍්‍රී ලංකාව පැමිණ ඇති අතර මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එය තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

AV Rase

ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කිසිඳු පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව ගෝලීය පිළිගැනීමක් ලැබිය යුතු බවයි.

මේ අතර මෙම ලැයිස්තුවේ පළමු රට ලෙස පත්ව සිටින චීනය කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වනවා. එහෙත්, වෛරසයේ ව්‍යාප්තිය සහ සිදුවන පුද්ගල මරණ ගණන ද සාර්ථකව පාලනය කිරීමට චීනය සමත්වුණා.

කොරෝනා වෛරසයේ ආරම්භයත් සමගම කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවූ චීනය මේ වනවිට එම ලැයිස්තුවේ 44 වන ස්ථානයේ පසුවනවා. ඒ අනුව චීනයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 85, 351 දෙනෙකු වාර්තා වන්නේ මරණ 4,634 ක්ද සමගයි.

කොරෝනා ආසාදිතයින් 3,349 ක් වාර්තා වන ශ‍්‍රි ලංකාව එම ලැයිස්තුවේ 139 වන ස්ථානයේ පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button