වවුනියාව මහ රෝහල වසා දමයි

ගම්පහ ප්‍රදේශයේ සිට වව්නියාව පූන්තොට්ටම් නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ආ පුද්ගලයින් තිදෙනෙකුට කොරෝණා වෛරසිය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට කොළඹට රැගෙන යාමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යලය පවසයි.
කොරෝණා වයිරසය ආසාදිතයින් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ගිලන් රථ මගින් රැගෙන යාම හේතුවෙන් වයිරසය රෝහලට ආසාදනය වීමේ අවධානම පැවති හෙයින් අද (19) දින රෝහලේ රෝගීන් බැලීමට පැමිනෙණ බාහිර පුද්ගලයින් කිසිවෙකුත් ඇතුල් කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති අතරම රොහලේ වෛද්‍යවරුන්, පරිපාලන අංශ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පමණක් පරික්ෂා කොට ඇතුල්කරවීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව බාහිර රෝගී අංශය ඇතුලු අනෙකුත් දෛනික කටයුතුද තාවකාලිකව සීමා කොට ඇති අතර අද දහවල් වව්නියාව මහරෝහල සම්පූරණයෙන්ම විෂබීජහරණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය වැඩි දුරටත් පැවසීය.
වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ යුද හමුදාව විසින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ආ පිරිස් වලට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව තිදෙනෙකුට මෙලෙස කොරෝණා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.