දේශීය පුවත්

වරාය නගරය බලන්න ගිය අගමැති ගොල්ෆ් ක්‍රීඩා කරයි

The Prime Minister visits the port city and plays golf

අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එමගින් රැකියා 83 000 පමණ බිහිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

AV Rase

මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 15ක් බවද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය මෙහිදී විමසීමට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.

චීන ජනාධිපති ෂී ජි පිං මහතාගේ හා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 සැප්තැම්බර් 17 වෙනිදා යි.

වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269 ක් මුහුද ගොඩකර භූමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2 ක් දිගුවන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබෙනවා.

මේ අතර කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද කොටස් වෙළෙදපොළ ඩිජිටල්කරණ ක්‍රමවේදය ජනගත කිරීම නිමිත්තෙන් පෙරවරුවේ පැවති උත්සවයටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button