දේශීය පුවත්

වර්තමාන ඇමති බිරිදලා ගැන කියන අගමැති

The Prime Minister who talks about the wives of the present ministers

වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් පිරිහීමට ලක්වන්නේ ඔවුන්ගේ භාර්යාවන් නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ග්‍රන්ථ දෙකක් එළිදැක්වීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදීයි.

ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ”ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ජේ ආර් ජයවර්ධන යුගයේ නොපළ කථා” කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ”එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්” කෘතීන් දෙකයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එළිදැක්වුනේ.

එලීනා ජයවර්ධන වැනි නිහතමානී කාන්තා චරිතයක් පිළිබඳ ලියවුණු කෘතිය වර්තමානයේ කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button