වනාතවිල්ලුව වන විනාශය බලන්න ඇමති එයි – මාධ්‍යවේදීන්ට දොර වැසේ

සිමෙන්ති සමාගමට අයත් වනාතවිල්ලුව ප්‍රදේශයේ රජය සතු ඉඩමක අක්කර ගණනක සිදුව ඇති වන විනාෂය පිළිබඳ සොයාබැලීමට වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.
අදාල වන සංහාරය නිරික්ෂණය කිරීමට ප්‍රථම වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාව සදහාද අමාත්‍ය වරයා සහභාගි විය.

එම සාකච්ඡාව මාධ්‍යවේදීන්ට ආවරණය කිරීම සපුරා තහනම් කරමින් වනාතවිල්ලුව පොලිසිය මගින් තහංචි පැනවීමක් සිදුකර තිබීම හේතුවෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කරන මාධ්‍යවේදීන් සාකච්ඡාව නිමවන තුරු පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල රැකවල්ලා සිටීම දක්නට ලැබුණි.
මෙම රැස්වීම සිදුවන සාකච්ඡාව පවතින අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් පොලිස් භූමිය තුළට ඇතුල්වීම වැළැක්වීම සදහා ප්‍රධාන ගේට්ටුව වසා අවහිර කර තිබුණි.
අදාල රැස්විම සදහා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, සිමේන්ති සංස්ථාව, ප්‍රාදේශීය ලේකම්, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම පොලිස් අධිකාරි, වනාතවිල්ලුව පොලිස්ථානාධිපති, වනාවිල්ලුව ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිසක් එක්වි තිබුනී.
පසුව අමාත්‍යවරයා අදාල වන සංහාරය සිදුවූ ස්ථානය නැරඹීම සදහා එක්ව තිබූ අතර, එහිදී අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ මෙහි වගකීම සිමෙන්ති සමාගමට පැවරී ඇති බවත්, මෙසේ සිදුව ඇති හානි පූරකය තරයේ හෙළා දකින බවත්, කෙටි කාලයක් තුළදී නැවතත් නීල හරිත වන රෝපා ව්‍යාපෘතියක් මෙහි කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවයි.