වනාතවිල්ලුව අක්කර 100ක් වනසයි – ප්‍රාදේශිය දේශපාලනඥයෙක් හවුල් බවත් හෙළි වෙයි

වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි.
මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව කියයි.
දෙවියන්ට පොල් ඉහළ රඳවමින් දෙවියන්ගේ ආරක්ෂාව අයදිමින් වන සංහාරකයින් මෙම වනාන්තරය වනසා ඇති බව දැකගත හැකි විණි.

යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් වසර 200කට වැඩි දැවන්ත පළු ගස් කපා රහසේ රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබූ වීර, බුරුත, ඇතුළු වසර සිය ගණනක ගස්ද දැව ජාවාරමට යොදා ගැනීමෙන් වනාන්තරය සියලුම ගස් යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් බිම හෙළා ඉන්පසුව මෙම දැවැන්ත පරිසරය ගිනි තබා තිබේ .
පරිසරවේදීන් පවසන්නේ මෙම දැවැන්ත වන සංහාරය පිටුපස වනාතවිල්ලුවේ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලඥයකු සිටින බවත් ඔහුට තවත් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේද ආධාර අනුබල ලැබී ඇති බවයි.
මෙම වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මිටර කිහිපයක් නුදුරින් පිහිටා තිබෙන බවත්, විල්පත්තුවේ සැරිසරන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ සැරිසැරීම නිරන්තරයෙන් සිදුවන බවත්, මේ විනාශයන් සමග වනසතුන් තවත් ගම්මාන වෙත කඩා වැදිම සිදුවීම නොවැළැක්විය හැකි බවත් පරිසරවේදීහු චෝදනා එල්ල කරති.
එසේම පරිසරවේදීන් පවසන්නේ දැනට වාර්තා වන අන්දමට මෙම වනාන්තරය වනසා දමා පසුව පිට පළාත් වල ධනවතුන්ට මෙම ඉඩම් රහසේ විකිණීම සඳහා ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවයි.
එමනිසා අදාල වගකිව යුතු පාර්ශව මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීහු බලකර සිටිති.
මේ පිළිබඳව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ තමන්ටද මේ වනවිට මෙම දැවැන්ත වන විනාශය වාර්තා වු බවත් ඒ සම්බන්ධ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල කටයුතු කරමින් සිටින බවත්ය.
එසේම ඔහු පවසා සිටියේ මෙම ඉඩම් රජයේ වනාන්තරද, එසේ නැතිනම් සිමෙන්ති සංස්ථාවට 1960 දශකයේ ලබාදුන් අක්කර 6000කට ආසන්න වනාන්තර පද්ධතියේ ඒවාද යන්න සොයා බැලිමට කටයුතු කරන බවයි.