දේශීය පුවත්

වතුර බෝතලය බෙදාගත් පොලිස් නිලධාරියාට සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියට නඩු

පානදුර අධිකරණ භුමියේ ගේට්ටුව අසල ආරක්ෂක මුරකුටියේ රාජකාරි කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරිනියකට නිරෝධායන රෙගුලාසි යටතේ නඩු පැවරිමට සහ වින්‍යානුකූල පියවර ගැනීමට එම අධිකරණයේ මහේස්ත්‍රාත්තුමා විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ, එම නිලධාරින් දෙදෙනා එක් වතුර බෝතලයක් හුවමාරු කර ගනිමින් ජලය පානය කිරිම හේතුවෙන්.

AV Rase

මෙම නිලධාරින් දෙදෙනාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමෙන් පසු මහේස්ත්‍රාත්තුමා මෙලෙස ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි අනුව නඩු පැවැරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button