
ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව “අපේ රට, අපේ දෑතින්” යන්නයි.
මෙවර ලෝක ළමා දිනයේ ජාතික උත්සවය හෙට (02) දිනයේ පැවැත්වෙන අතර ලෝක වැඩිහිටි දිනයද අදට යෙදී තිබෙනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ දරුවන්ගේ කායික සහ මානසික පෝෂණය මෙන්ම යහ පැවැත්ම තහවුරු කිරීම අද වන විට ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවයක් වී ඇති බවය.
භෞතික සහ මානසික දරිද්‍රතාව නොමැති ජනතාවක් වාසය කරන රටක් ගොඩනැගීම තමාගේ මුලික අරමුණ බවද ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන්.
අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ රජය රටේ දරුවන්ගේ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය සදාචාරමය සහ නෛතික පසුබිම සැකසීමට නිරන්තරයෙන් කැපවී සිටින බවයි.