විදෙස් පුවත්
ලෝක ප්‍රසිද්ධ චරිත කිහිපයකගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

ඇමෙරිකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ගේ ට්විටර් ගිණුම්වලට ඊයේ (15) දිනයේ දී සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව බිල්ගේට්ස්, එලෝන් මාර්ක්, ජෙෆ් බේසොස් යන අයගේ ට්විටර් ගිණුම්වලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී හැකර්වරුන් මුදල් වංචාවක් සිදු කිරීමට ද උත්සහ දරා තිබේ.

ඊට අමතරව බැරක් ඔබාමා, ජෝ බින්ඩ්, කැනී වෙස්ට් යන අයගේ ට්විටර් ගිණුම වලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වනවා.
මේ වන විට මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට අදාළ ට්විටර් ගිණුම් යළි යථා තත්ත්වයට පත් කිරීමට ද පියවර ගෙන ඇත.